by Staff writer 02-09-2019 | 9:11 PM
COLOMBO ( News 1st) - හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උදර්පනය කරන ලෙස ඉල්ලා සිංගපූරුවට යැවිය යුතු ලේඛන අද නීතිපතිවරයා විසින් විදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශ වලට භාර දී තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ එම ලේඛනය පිටු විසි එක්දහසකින් යුතු බවයි.
අදාළ සියලු ලේඛන මහාධිකරණය විසින් සහතික කර තිබේ.
රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝග, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා ලබාගත් අත්අඩංගුවට ගැනීමේ රතු නිවේදන ද එම ලේඛන අතර වන බවයි.
අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා පසුගිය ජුනි මස 28 වැනිදා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.