මහමුහුදේ ආපදාවට පත් ඉන්දීය ධීවරයින් 4ක් බේරා ගැනේ

මහමුහුදේ ආපදාවට පත් ඉන්දීය ධීවරයින් 4ක් බේරා ගැනේ

by Staff writer 02-09-2019 | 7:16 AM
COLOMBO (News 1st) : යාපනය, කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ආපදාවට ලක්වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග එහි සිටි ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගනු ලැබ තිබේ. එලෙස බේරාගෙන ඇත්තේ, ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු රැගත් ට්‍රෝලර් යාත්‍රාවකි. මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ඔවුන් ආපදාවට පත්ව ඇතැයි, නාවික හමුදාව සඳහන් කළේ ය.