පියසාර ශිල්පාධිපති දිවියෙන් සමුගනී

බෙර වාදන ශිල්පි පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 02-09-2019 | 4:06 PM

COLOMBO (News 1st) - ලංකාවේ විශිෂ්ට බෙර වාදන ශිල්පියෙකු වන පියසාර ශිල්පාධිපති මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

කලක පටන් රෝගාතුරුව සිටි ශිල්පාධිපති මහතා අද අභාවාප්‍රාප්ත වූයේ සිය නිවසේදීයි. පියසාර ශිල්පාධිපති මහතා මිය යන විට 75 වන වියෙහි පසු විය. ඒ මහතා කොළඹ හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කළේ ය. මහජන ගෞරවය සඳහා පියසාර ශිල්පාධිපති මහතාගේ දේහය තලවතුගොඩ, කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇතැයි පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ.