අගමැති මාලදිවයිනේ නිල සංචාරයක් අරඹයි

අගමැති මාලදිවයිනේ නිල සංචාරයක් අරඹයි

by Staff writer 02-09-2019 | 9:22 AM
COLOMBO (News 1st) : තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් පිටත්ව ගියේ ය. අප වාර්තාකරු සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද උදෑසන 07.30ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු. එල්. 101 දරන ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි. මාලදිවයින් ජනරජයේ ජනාධිපති ඉබ්‍රාහීම් මොහොමඩ් සෝලී මහතාගේ ආරාධනයක් අනුව අග්‍රාමාත්‍යවරයා මෙ තෙදින නිල සංචාරයේ නිරතවෙයි. වේලානා ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ පිරිස දූත පිරිස පිළිගනු ලැබුවේ මාලදිවයින් ජනරජයේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා විසිනි. මෙම සංචාරයේදී වීසා පහසුකම් ලබා දීම, සමාජ ආරක්ෂණය, වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය හා උසස් අධ්‍යාපන යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම් 4 ක් අත්සන් තැබීමට නියමිතයි. ලබන 03 සහ 04 යන දිනයන්හී මාලදිවයිනේ පැරඩයිස් අයිලන්ඩ් රිසෝර්ට් හී පැවැත්වෙන ඉන්දියා සාගර සමුළුවේ සභාපතීත්තවය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරනු ඇති.