පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

කර්තෘ Staff writer

02 Sep, 2019 | 7:19 pm

COLOMBO (News 1st) – සීමා නීර්ණය සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණයට එළැඹුනේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා අධිකරණයෙන් කළ විමසීමට අදාළවයි.

ජනාධිපති ලේකම්වරයා අද පස්වරුවේ නිවේදනය කළේ, සීමා නීර්ණය සමාලෝචන කමිටුවේ වාර්තාව නොමැතිව දැනට අමාත්‍යවරයාට භාරදී ඇති සීමා නීර්ණය වාර්තාව අනුව සීමා ප්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැතැයි අධිකරණය නිගමනය කර ඇති බවයි.

සංශෝධිත පනත අනුව සීමා නීර්ණය කමිටුව වාර්තාවක් සකස් කර භාරදී ඇතත් ඒ සම්බන්ධන් මතු වූ ගැටලු නිසා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පත් කෙරුණි.

නමුත් සමාලෝචන කමිටුව තවමත් ඔවුන්ට පැවරී ඇති කාර්යය ඉටුකර නොමැති අතර මේ නිසා දැනට සකස් කළ වාර්තාවෙන් සීමා ප්‍රකාශ කර ඡන්දය පැවැත්විය හැකිදැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසුවේ ය.

ඒ සමගම ජනාධිපතිවරයා විමසුවේ, පෙර පැවති නීති අනුව ඡන්දය විමසීමට ඉඩක් තිබේද යන්නයි.

මෙම කරුණු දෙකටම අදාළව ජනාධිතිවරයාට බලයක් නැතැයි අධිකරණය නිගමනය කර ඇති අතර සීමා නීර්ණය සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව පළාත් සභා ඡන්දය පැවැත්වීමේ අවස්ථාව මේ වනවිට අහිමිවී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]