20යි 20 කඩුලු 100 වාර්තාව මාලිංග අද ලබා ගනීවිද?

ශ්‍රී ලංකා - නවසීලන්ත 20යි 20 සටන අද ඇරඹෙයි

by Staff writer 01-09-2019 | 9:37 AM

COLOMBO (News 1st) - තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

පළමු තරගය අද රාත්‍රී 7.00 ට පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 තරගයක් පැවැත්වෙන්නේ වසර 3 කට පසුවවීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවීමේ වගකීම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව තිබේ. නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ, වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිටයි. 2006 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – නවසීලන්ත 20 යි 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ මේ දක්වා දෙරට අතර පවත්වා ඇති තරග ගණන 16 කි. ඉන් තරග 8 ක ජය හිමි කරගත්තේ නවසීලන්තයයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6 ක් ජය ගත්තේ ය. ශ්‍රී ලංකා 20 යි 20 නායක ලසිත් මාලිංගට ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 පිටියේ වැඩිම කඩුලුලාභියා වීමට තව ත් අවශ්‍යව ඇත්තේ කඩුලු 2 ක් පමණි. 20 යි 20 පිටියේ කඩුලු 100 ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා වීමට ඔහු තව ත් කඩුලු 3 ක් දවාගත යුතු වනු ඇති. ඒ අනුව ලසිත් මාලිංග කඩුලු 97 ක් දවාගෙන ඇත්තේ 20 යි 20 තරග 73 කදීයි. 2014 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට නවසීලන්තයට එරෙහි තරගාවලියක් ජය ගෙන තිබේ.