රටේ හෙට දවස වෙනුවෙන් V-Force බලකාය ඇල්ල රක්ෂිතයට

රටේ හෙට දවස ⁣වෙනුවෙන් පැළ සිටුවීමට ගම්මැද්ද V- Force බලකාය ගින්නෙන් දැවුණු ඇල්ල රක්ෂිතයට

by Hashini De Mel 01-09-2019 | 7:38 AM

COLOMBO (News 1st) - ගම්මැද්ද V- Force ක්‍රියාන්විතයේ තව ත් අදියරක් අද බදුල්ල, ඇල්ල රොක් රක්ෂිතයේ ක්‍රියාත්මක වේ.

ඒ, පසුගිය දා ගින්නෙන් විනාශ වූ ඇල්ල රොක් රක්ෂිතයේ යළි ත් වන වගා කිරීමේ අරමුණින්. ගම්මැද්ද V-Force කණ්ඩායම අද උදෑසනින්ම සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථානයේ සිට ඇල්ල ප්‍රදේශය වෙත පිටත්ව ගියේ ය. මෙය ගම්මැද්ද V-Force ක්‍රියාන්විතයේ 8 වන අදියරයි. ගම්මැද්ද V-Force පළමු අදියර සීගිරියේ පැවැත්වුණු අතර එහි දෙවැනි අදියර මීගමුව මුහන්දිරම්පිටිය කළපු තොටුපොළදී පැවැත්විණි. රත්නපුරයේ ගංවතුර අවදානම අවම කිරීමේ දිගු කාලීන අරමුණ ඇතිව කළු ගඟ දෙපස පැළ 4000ක් රෝපණය කෙරුණේ 3 වන අදියර යටතේ ය. 4 වන අදියර ක්‍රියාත්මක කෙරුණේ, දැදිගම මහපල්ලේගම කිනිවිට කණිෂ්ඨ විද්‍යාල⁣ය පින්තාරු කිරීමේ වැඩසටහනක් කේන්ද්‍ර කර ගනිමිනි. 5 වන අදියර මහපළුගස් වැව පිරිසිදු කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතය වන අතර 6 වන අදියර V-Force මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක විය. 7 වන අදියර වන්නේ පිළියන්දලදී පැවති ඩෙංගු මර්දන පිළිබඳ වැඩසටහනයි.