යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි

by Staff writer 01-09-2019 | 7:43 AM

COLOMBO (News 1st) - අද සිට ලබන මස 31 වැනි දා දක්වා යාල ජාතික වනෝද්‍යානය වසා තැබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රචාරක නිලධාරි හසිනි සරත්චන්ද්‍ර මහත්මිය සඳහන් කළේ, වියළි කාලගුණය හේතුවෙන් සහ වනෝද්‍යානයේ නඩත්තු කටයුතු හේතුවෙන් එලෙස යාල වනෝද්‍යානය වසා තැබෙන බවයි. මේ අතර ලබන 13 වැනි දා සිට 15 වැනි දා දක්වා සියලුම ජාතික උද්‍යාන වසා තැබෙන බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දීපව්‍යාප්තව සිදු කරන වන අලි සමීක්ෂණයක් හේතුවෙනි.