යල කන්නයේ වී මිලදී ගැනීම් හෙට සිට

යල කන්නයේ වී මිලදී ගැනීම් හෙට සිට ඇරඹේ

by Staff writer 01-09-2019 | 11:04 AM

COLOMBO (News 1st) - යල කන්නයේ වී මිලදී ගැනීම් හෙට සිට ආරම්භ කරන බව වී අළෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේ, මෙවර සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 41.00 කටත්, නඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 38.00 කට මිලදී ගන්නා බවයි. වී මිලදී ගැනීමට අදාළ චක්‍ර ලේඛය අද නිකුත් කරන බව ඔහු සඳහන් කළේ ය.