ධීවර ප්‍රජාවට අවධානයෙන් පසුවන්නැයි, උපදෙස්

ධීවර ප්‍රජාවට අවධානයෙන් පසුවන්නැයි, උපදෙස්

by Staff writer 01-09-2019 | 2:36 PM
COLOMBO (News 1st) : හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-65 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ එම තත්ත්වයට හෙට පෙරවරුව දක්වා බල පැවැත්වෙන බවයි. සෙසු මුහුදු ප්‍රදේශවලද සුලඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි වේ. ඒ පිළිබඳව ධීවර හා නාවුක ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.