දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි...

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි...

by Staff writer 01-09-2019 | 7:10 AM

COLOMBO (News 1st) - සබරගමුව පළාත, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරය, මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 70 - 80 දක්වා වැඩිවිය හැකි බවයි.