ජනපති කොමිසමේ තව ත් වාර්තාවක් මේ මස ජනපතිට

ජනපති කොමිසමේ තව ත් වාර්තාවක් මේ මාසයේදී ජනපතිට

by Staff writer 01-09-2019 | 7:49 AM

COLOMBO (News 1st) - පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ තව ත් වාර්තාවක් මේ මසය තුළ ජනාධිපතිතුමාට භාරදීමට සැලසුම් කර තිබේ.

එහි නිලධාරියෙකු සඳහන් කළේ, එම වාර්තාව සකස් කිරීම මේ වනවිට සිදුවන බවයි. ඒ සඳහා දැනට සාක්ෂි විමසීම සිදු කරන පැමිණිලි 20 ක් සම්බන්ධයෙන් තොරතුරු අන්තර්ගත කිරීමට නියමිතයි. ඒ අතර කෘෂිකර්ම අමාත්‍යංශයට බදු පදනම මත ගොඩනැගිල්ලක් ලබා ගැනීම, පිළිකා නාශක ඖෂධ ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතා, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කිරීම මෙන්ම මහාමාර්ග අධිකාරියට දේශපාලන හිතවත්කම් මත සේවකයින් බඳවා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවල විමර්ශන ඇතුළත් වේ. අදාළ වාර්තාව සඳහා දැනට පොලිස් ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇති පැමිණිලි කිහිපයක තොරතුරු ද ඇතුළත් වන බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය. ජනාධිපති කොමිසමේ පළමු වාර්තාව පසුගිය ජූලි මාසයේදී ජනාධිපතිතුමා වෙත භාර දුන්නේ ය.