ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 01-09-2019 | 6:27 AM

දේශීය පුවත්

1. සජිත්ට බය රනිල්ගේ උපක්‍රමය: ජනාධිපතිවරණයට පෙර එම ධූරය අහෝසි කිරීමට කිසියම් පාර්ශවයක් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සඳහා එළැඹීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. 2. ගෝඨාභය කාන්තාවන්ට දුන් පොරොන්දු: ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ පළමු සම්මේලනය ඊයේ කොළඹදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙයෙන් පැවැත්විය. 3. ජනපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකියි – මහින්ද දේශප්‍රිය: ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 4. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ: ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන ඔක්තෝබර් මස මුල් සතියේ පැවැත්වීමට අදහස් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

විදෙස් පුවත්

5. චීන භාණ්ඩ සඳහා වන තීරු බදු අද සිට බලාත්මකයි: චීන භාණ්ඩ සඳහා පනවන ලද නව තීරු බදු ගාස්තු අද සිට බලාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.