අගමැතිගේ කැලණි දායක සභාවේ සභාපති ධුරය ගැන තීරණයක්

කැලණි විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අගමැති ඉවත් කිරීමට දායක සභා අනුමැතිය

by Staff writer 01-09-2019 | 6:32 PM
COLOMBO (News 1st) : කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට අද දායක සභාවේ බහුතර අනුමැතිය හිමිවිය. ඒ අද පස්වරුවේ, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වීමෙන් අනතුරුවයි. ඒ අනුව මේ පිළිබඳ ඉදිරි පියවර දායක සභාවේ විධායක කමිටුව රැස්වීමෙන් පසු තීරණය කරනු ඇති.