5 කට මරු කැඳ වූ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීම

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මරුට

by Staff writer 01-09-2019 | 9:09 AM

News 1st - අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 21 කි. එම අවස්ථාවේ අමෙරිකානු තැපැල් සේවයට අයත් වෑන් රථයක් ද පැහැරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු වූ මෙවැනිම වෙඩි තැබීමකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් මාසයකට පසුවයි.