අලුත්කඩේ උසාවිය අසළ ⁣උද්ඝෝෂණ තහනම්

අද සිට ලබන 10 දක්වා අලුත්කඩේ උසාවිය අසළ ⁣උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක්

by Staff writer 01-09-2019 | 1:18 PM

COLOMBO (News 1st) - කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාව තුළ නීති විරෝධි අයුරින් සාමය කඩවන ලෙස මහජනතාවට සහ දේපොළවලට අවහිර වන ලෙස උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාලි තහනම් කරමින් අද අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය කළේ, සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කාර පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, රාවණාබලය කැඳවුම්කාර පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ට සහ රැස්වීම් සහ උද්ඝෝෂණවලට සහභාගිවීමට නියමිත පිරිසටයි. අද සිට ලබන 10 වැනි දා එලෙස උද්ඝෝෂණ රැස්වීම් හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.