චීන භාණ්ඩ සඳහා වන තීරු බදු හෙට සිට

චීන භාණ්ඩ සඳහා වන තීරු බදු හෙට සිට බලාත්මකයි

by Staff writer 31-08-2019 | 9:28 AM

News 1st - චීන භාණ්ඩ සඳහා පනවන ලද නව තීරු බදු ගාස්තු හෙට සිට බලාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‍ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේ ය. ඔහු සඳහන් කළේ, මෙම පියවර මගින් චීනයට හොංකොංහි උද්ගතව පවතින වාතාවරණය සම්බන්ධයෙන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බල කරනු ඇති බවයි. ඩොලර් බිලියන 250 ක චීන භාණ්ඩ සඳහා ට්‍රම්ප් පරිපාලනය 25% ක තීරු බදු පනවා ඇති අතර තව ත් ඩොලර් බිලියන 300 ක චීන භාණ්ඩ සඳහා 15% ක තීරු බදු පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම තීරු බදු ගාස්තු 5% කින් ඉහළ නැංවීමට ද පසුගිය දා අමෙරිකාව පියවර ගත් බවයි. අමෙරිකාවේ මෙම පිළිවතට ප්‍රතිචාර වශයෙන් චීනය ද ඩොලර් බිලියන 75 ක අමෙරිකානු භාණ්ඩ ඉලක්ක කර ගනිමින් තීරු බදු පැනවීමට පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් ලොව දැවැන්තම ආර්ථිකයන් දෙක අතර වෙළෙඳ යුද්ධය තව තව තිව්‍ර වනු ඇතැයි ‍ආර්ථික විශ්ලේශකයින් සඳහන් කරති.