සජිත්ට බය රනිල්ගේ උපක්‍රමය

සජිත්ට බය රනිල්ගේ උපක්‍රමය

by Staff writer 31-08-2019 | 10:03 PM
COLOMBO (News 1st) - ජනාධිපතිවරණයට පෙර එම ධූරය අහෝසි කිරීමට කිසියම් පාර්ශවයක් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සඳහා එළැඹීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. එම පක්ෂයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පෙන්වා දෙන්නේ, ජනාධිපති ධූරයට පත්වීමට නොහැකි පිරිස් එවන් උත්සහයක නිරත වන බව ය. මේ අතර ඩීව් ගුණසේකර මහතා ද මතුව ඇති අදාළ සංවාදය පිළිබඳව අදහස් පළ කළේ ය. ඔහු සඳහන් කළේ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් වේ යැයි යන බියෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති ධූරය අහෝසි කිරීමට උත්සහ කරමින් සිටින බව ය.