බම්බලපිටියේ අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

බම්බලපිටියේ අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

by Staff writer 31-08-2019 | 7:44 AM

COLOMBO (News 1st) - අද සිට ලබන මස 10 වන දා දක්වා බම්බලපිටිය ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක බවයි. අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි. මේ අතර ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ සීනිගම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය අද සිට ලබන 04 වැනි දා දක්වා සීමා කරන බව පොලීසිය පවසයි. ඒ, ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය හේතුවෙනි. ඒ අනුව හෙට සහ අනිද්දා දිනයන්හිදී පස්වරු 1.10 සිට පස්වරු 6.00 දක්වා ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරනු ඇති. ලබන 2 වැනි දා රාත්‍රී 9.30 සිට 3 වැනි දා අලුයම 2.30 දක්වා එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි. පොලීසිය දැනුම් දෙන්නේ, ලබන 03 වැනි දා රාත්‍රී 10.00 සිට 04 වැනි දා අලුයම 3.00 දක්වා ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බවයි. සීනිගම ප්‍රදේශය හරහා ගමන් ගන්නා වාහන අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.