COLOMBO (News 1st) - ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සිරස එෆ්.එම්හි විකාශය වූ රේඩියෝ සටන වැඩසටහන සමග එක්වෙමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ, පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට අදාළ වර්තා තවමත් තමන් වෙත ලැබී නොමැති බව ය.
මාධ්‍යවේදියා
"පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ අධිකරණයේ මතය මේ වෙද්දි ජනාධිපතිවරයාට දැනුවත් කරල තියෙනවා කියලා වාර්තා වෙනවා. යම් හෙයකින් අධිකරණයේ මතය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට නිර්දේශ කොට හෝ නියම කොට තිබුණොත් මැතිවරණ කොමිසම ගනු ලබන පියවර කුමක් ද?"
මහින්ද දේශප්‍රිය - සභාපති
මැතිවරණ කොමිෂන් සභාව
"දැන් නම් බැලූ බැල්මට තියන්න පුළුවන් තත්ත්වයක් නෑ නේද? අපිට පළාත් සභා ඡන්දය තියන්න දවස් 50ක් ඕන. අපි අද ඉඳල දවස් 50ත් ගත්තොත්, ඔක්තෝබර් මාසේ 20 වෙනිදත් පනිනවා. අපි හිතමු ඔක්තෝබර් 20 තිබ්බයි කියල ඡන්දෙ. අපිට සතියක්වත් ඕන ඒ වැඩ ඉවර කරලා ජනාධිපතිවරණයකට එන්න. අපිට ඒකට අපහසුයි. දැන් නම් පරක්කු වැඩියි. යම් ආකාරයකින් තීන්දුවක් ලැබුණොත් තියන්න කියල අපි කොමිෂන් සභාවට ඒ ගැන සලකා බලන්න සිද්ධ වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් හරි කරන්න ජනාධිපතිවරණයෙන් පස්සේ තමයි අපිට මේක කියන්න පුළුවන්."