ගෝඨාභය කාන්තාවන්ට දුන් පොරොන්දු

ගෝඨාභය කාන්තාවන්ට දුන් පොරොන්දු

by Staff writer 31-08-2019 | 9:27 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ පළමු සම්මේලනය අද කොළඹදී පැවැත්විණි. ඒ, පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග කොළඹ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පොදුජන පෙරමුණේ පළමු සම්මේලනය මෙලෙස ආරම්භ විය. පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම පොදුජන පෙරමුණට සහය දක්වන මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.