by Staff writer 31-08-2019 | 12:45 PM
COLOMBO (News 1st) - කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්ව තිබේ.
ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, ධීවරයින් පස් දෙනෙකු රැගෙන පසුගිය පළමු වැනි දා ධීවර කටයුතු සඳහා පිටව ගොස් ඇති නිෂාධි ධීවර යාත්‍රාව පසුගිය 10 වැනි දා සිට එලෙස අතුරුදන්ව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සියලු රටවල් දැනුවත් කර ඇතැයි පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ ය.
නාවික හමුදාව ද අදාළ ධීවර යාත්‍රාව සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.