පාසල් 12 ක තෙවන පාසල් වාරය සැප්තැම්බර් 16 ඇරඹේ

උ/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන පාසල් 12 කට සැප්තැම්බර් 16 දක්වා නිවාඩු

by Staff writer 31-08-2019 | 7:17 AM

COLOMBO (News 1st) - අ.පො.ස. උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 12 ක් තෙවන වාරය සඳහා ලබන සඳුදා (සැප්තැම්බර් 2 වන දා) විවෘත නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම පාසල් විවෘත කෙරෙන්නේ ලබන මස 16 වැනි දායි. අනෙකුත් සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් තෙවන වාරය සඳහා ලබන සඳුදා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ හින්දු විද්‍යාලය, කළුතර ඥනෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහා දේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලය තෙවන පාසල් වාරය සඳහා ලබන මස 16 වැනි දා විවෘත කෙරෙනු ඇති.