ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ

by Staff writer 31-08-2019 | 7:25 AM

COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන ඔක්තෝබර් මස මුල් සතියේ පැවැත්වීමට අදහස් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙසයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ ලේකම්වරයා ගොනු කළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ ය.