සීනිගම දේවාලයේ පෙරහැර නිසා රථ වාහන සැලැස්මක්

සීනිගම දේවාලයේ පෙරහැර හේතුවෙන් රථ වාහන සැලැස්මක්

by Staff writer 30-08-2019 | 4:19 PM
COLOMBO (News 1st) - ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ සීනිගම ප්‍රදේශයේ රථ වාහන ගමනා ගමනය හෙට සිට ලබන 4 වන දා දක්වා සීමා කරන බව පොලීසිය පවසයි. ඒ, ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය හේතුවෙනි. ඒ අනුව හෙට සහ අනිද්දා දිනයන්හිදී පස්වරු 1.10 සිට පස්වරු 6.00 දක්වා ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමා කරනු ඇති. ලබන 2 වන දා රාත්‍රී 9.30 සිට 3 වන දා අලුයම 2.30 දක්වා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමා කරන බව පොලීසිය පවසයි. පොලීසිය දැනුම් දෙන්නේ, ලබන 3 වන දා රාත්‍රී 10.00 සිට 4 වන දා අලුයම 3.00 දක්වා ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමා කරන බව ය. සීනිගම ප්‍රදේශය හරහා ගමන් ගන්නා වාහන අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.