මරගල රක්ෂිතයේ යළි ත් ගින්නක්

මොණරාගල, මරගල රක්ෂිතයේ යළි ත් ගින්නක්

by Staff writer 30-08-2019 | 8:07 AM

COLOMBO (News 1st) - මොණරාගල, මරගල කන්ද රක්ෂිතයේ යළි ත් ගින්නක් හට ගෙන තිබේ.

මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එච්.රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළේ, පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිතයේ හටගත් 05 වැනි ගින්න මෙය බවයි. ඊයේ පස්වරුවේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යුද හමුදාවේ ද මැදිහත්වීම මත කටයුතු කරමින් සිටින බව ඔහු පැවසුවේ ය. මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් 52,000 ක් සඳහා පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීම ආරම්භ කර ඇති බව ද ඒ.එච්.රවීන්ද්‍ර කුමාර මහතා ප්‍රකාශ කළේ ය.