"පාර්ලිමේන්තුවේ ලොකු මහත්තුරු කරපු දෙයක් නැහැ"

මම ජනාධිපති ධූරය අහෝසි කරන්න කිව්වට අවුරුදු හතර හමාරක් පාර්ලිමේන්තුවේ ලොකු මහත්තුරු කරපු දෙයක් නැහැ - ජනපති

by Staff writer 30-08-2019 | 9:53 PM
COLOMBO (News 1st) - ජනාධිපතිවරණයට පෙරත් ඉන් පසුත් ජනාධිපති ධූරය අහෝසි කරන්නැයි තමා පවසා තිබුණත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද යාපනයේ උත්සව කිහිපයකට සහභාගී වෙමිනි. රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික් වැඩසටහන අද පස්වරුවේ යාපනය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ. ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ, ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කිසිදු කටයුත්තකට තමා බාධා නොකළ බව ය. ජනාධිපති ධූරය අහෝසි නොකිරීම තමාගේ වරදක් නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.