බැඳුම්කර වංචාව ගැන හි. විගණකාධිපතිවරයාගේ හෙළිදරව්ව

බැඳුම්කර වංචාවෙන් රටට සිදු වූ අලා‍භය තව අවුරුදු 30 කටවත් ගෙවලා ඉවර කරන්න බැහැ - හිටපු විගණකාධිපති

by Staff writer 30-08-2019 | 10:17 PM
COLOMBO (News 1st) - බැඳුම්කර වංචාවෙන් රටට සිදු වූ අලා‍භය තවත් වසර 30කටවත් ගෙවා නිම කළ නොහැකි බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ, සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ 42 වැනි වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම උත්සවය ඊයේ රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි. එහිදී 2018-2019 හොඳම විධායක නිලධාරියා ලෙස තෝරා ගැනුණේ, ඒ.එෆ්. ජෝන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී ශමීර් රසූල්ඩීන් මහතා ය. මේ සුවිශේෂ උත්සවය වාර්ෂිකව පැවැත්වෙන්නේ සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ ආයතන රැසක් හරහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවාසීන්ට මාහැඟි මෙහෙවරක් ඉටු කරන, අපගේ විධායක නිලධාරීන් ඇගයීම වෙනුවෙනි. 2018-2019 හොඳම විධායක නිලධාරියා සම්මානය වෙනුවෙන් 5 දෙනෙකු නිර්දේශ වී තිබිණි. ඒ, 1 නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත් 2 එස්ලෝන් ලංකා සමාගමේ ඉන්දික ගීකියනගේ 3 කෙවිල්ටන් සමාගමේ කාර්මික ප්‍රධාන විධායක නිලධාරී නලින් ජයවර්ධන 4 ඒ.එෆ්. ජෝන්ස් සාමාන්‍යාධිකාරී ශමීර් රසූල්ඩින් 5 සාමාන්‍යාධිකාරී සමූහ මානව සම්පත් - රවී ගමගේ. ඔවුන් අතරින් වසරේ හොඳම විධායක නිලධාරියා ලෙස තෝරා ගැනුණේ ඒ.එෆ්. ජෝන්ස්හි සාමාන්‍යාධිකාරී ශමීර් රසූල්ඩීන් මහතා ය.