බම්බලපිටියේ හෙට සිට විශේෂ රථ වාහන සැලැස්මක්

බම්බලපිටියේ හෙට සිට විශේෂ රථ වාහන සැලැස්මක්

by Staff writer 30-08-2019 | 7:03 AM

COLOMBO (News 1st) - බම්බලපිටිය ප්‍රදේශයේ හෙට සිට ලබන මස 10 වන දා දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි. එම සැලැස්මට අදාළ පෙරහුරුවක් අද පෙරවරු 7.00 සිට පෙරවරු 9.00 දක්වාත් පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වාත් බම්බලපිටිය ප්‍රදේශය ආශ්‍රිත ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.