බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනයට පියවර

බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමට සැලසුම්

by Staff writer 30-08-2019 | 7:46 AM

COLOMBO (News 1st) - බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, මෙවර අපේක්ෂිත බඩ ඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 350,000 ක් බවයි. එහෙත් මෙවර ලැබී ඇති බඩ ඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 270,000 ක් පමණ වේ. පැවති වියළි කාලගුණය හේතුවෙන් මෙවර අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීමට නොහැකිවූ බව ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා ප්‍රකාශ කළේ ය.