ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 30-08-2019 | 6:20 AM

දේශීය පුවත්

1. 2019 කොළඹ ආරක්ෂක සමුළුව ඇරඹේ: 2019 කොළඹ ආරක්ෂක සමුළුව ඊයේ පෙරවරුවේ ආරම්භ විය. 2. රවී කරුණානායකට CID ය හමුවේ වැඩිදුර ප්‍රකාශ ලබා දෙන්නැයි නියෝග: සති දෙකක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට වැඩිදුර ප්‍රකාශ ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාට නියෝග කර තිබේ. 3. අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් සිව්දෙනාගේ ඇප කොන්දේසි ලිහිල් කෙරේ: අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට සතියේ සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා පනවා තිබූ ඇප කොන්දේසිය ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

විදෙස් පුවත්

4. ජම්මු කාශ්මීර අර්බුදය, ඉන්දියාව ගත් පියවර සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි: ජම්මු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් පියවර කලාපීය සාමයට මෙන්ම බහුවාර්ගිකත්වයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි.