කේරළ ගංජා තොගයක් සමග 3ක් උදයපුරම්හිදී අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමග 3 දෙනෙකු උදයපුරම්හිදී අත්අඩංගුවට

by Staff writer 30-08-2019 | 5:31 PM
COLOMBO (News 1st) - මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ය. සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 650ක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසුවේ ය. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 18, 26 සහ 43 හැවිරිදි වියෙහි පසුවන උදයපුරම්, මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.