by Staff writer 30-08-2019 | 11:00 PM
COLOMBO (News 1st) - කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරයකින් තොරව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව පිරිසක් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට ලිපියක් යවමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රශ්න කර තිබේ.
ලිපිය යොමු කරමින් සේනසිංහ මහතා පෙන්වා දෙන්නේ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තු කණ්ඩායමේ අනුමැතියකින් තොරව එවැනි සාකච්ජාවක් පැවැත්වූයේ කෙසේදැයි මහ ලේකම්වරයා විසින් පැහැදිලි කළ යුතු බව ය.
එවැනි සාකච්ඡාවක් පවත්වා ඇත්නම් ඊට සහභාගී වූ පිරිසට විනය ක්‍රියාමාර්ගයක් ගන්නේ ද යන්නත් පැහැදිලි කරන ලෙස ඔහු ඉල්ලා තිබේ.
සේනසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ දශක දෙකකට පසු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකුට ජයග්‍රහණය සඳහා මාර්ගය විවෘත වී ඇති අවස්ථාවක මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළේ නම් එය පක්ෂය හා පාක්ෂිකයාට සිදු කරන බරපතළ ද්‍රෝහිකමක් බව ය.