කේරළ ගංජා තොගයක් සමග 3 දෙනෙකු උදයපුරම්හිදී අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමග 3 දෙනෙකු උදයපුරම්හිදී අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමග 3 දෙනෙකු උදයපුරම්හිදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

30 Aug, 2019 | 5:31 pm

COLOMBO (News 1st) – මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ය.

සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 650ක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසුවේ ය.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 18, 26 සහ 43 හැවිරිදි වියෙහි පසුවන උදයපුරම්, මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]