2019 කොළඹ ආරක්ෂක සමුළුව ඇරඹේ

2019 කොළඹ ආරක්ෂක සමුළුව ඇරඹේ

by Staff writer 29-08-2019 | 11:54 AM
COLOMBO (News 1st) - 2019 කොළඹ ආරක්ෂක සමුළුව අද පෙරවරුවේ ආරම්භ විය. සමුළුව පැවැත්වෙන්නේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ය. ශ්‍රී ලංකා යුද හමුදාව 9 වන වරටත් සංවිධාන කරන මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ. සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශය වන හමුදාවේ විශිෂ්ටත්වය යන්න මෙවර සමුළුවේ තේමාව ය. ආරක්ෂාවට අදාළ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන අතර ඊට රටවල් 40කට වැඩි ප්‍රමාණයක ආරක්ෂක අංශ නිලධාරීහු එක්ව සිටිති.