ගෝඨාභය ශ්‍රීලනිප නියෝජිත පිරිසක් හමුවෙයි

ගෝඨාභය රාජපක්ෂ හා ශ්‍රීලනිප නියෝජිත පිරිසක් අතර හමුවක්

by Staff writer 29-08-2019 | 4:08 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිසක් අතර හමුවක් සිදු විය.

ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයි. සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් එක්විය.