ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 29-08-2019 | 6:41 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. මඩකලපුව, කල්ලියන්කාඩු ප්‍රදේශයේ පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ක්‍රියා කළ අවස්ථාවේ සිදු වූ ඇද වැටීම් හේතුවෙන් විරෝධතාකරුවන් 4 දෙනෙකු තුවාල ලබා තිබේ. 2. රතුපස්වල වෙඩි තැබීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ඇවන්ගාඩ් සිද්ධියට අදාළ නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුනක් පත් කර තිබේ. 3. බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. 4. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. විදෙස් පුවත් 5. ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සූදානම් වේ. ක්‍රීඩා පුවත් 6. පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඊයේ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත් විය.