කැපිටල් මහරාජා සංවිධානයේ වසරේ හොඳම විධායක නිලධාරියා සම්මානය ශමීර් රසුල්ඩින්ට

by Staff writer 29-08-2019 | 6:38 PM

COLOMBO (News 1st) - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ 2018 – 2019 හොඳම විධායක නිලධාරීවරයා ලෙස ඒ එෆ් ජෝන්ස් හි සාමාන්‍යාධිකාරි ශමීර් රසුල්ඩින් තේරී පත් විය.

ඒ, මේ වනවිට රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ පැවැත්වෙන 42 වන වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලෙදීයි. මේ සඳහා නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත්, එස්ලෝන් ලංකා සමාගමේ ඉන්දික ගීකියනගේ, කෙවිල්ටන් සමාගමේ කාර්මික ප්‍රධාන විධායක නිලධාරි නලින් ජයවර්ධන, ඒ එෆ් ජෝන්ස් හි සාමාන්‍යාධිකාරි ශමීර් රසුල්ඩින්, සාමාන්‍යාධිකාරි සමූහ මානව සම්පත් රවී ගමගේ යන මහත්වරුන් නිර්දේශ විය. මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වන්නේ, හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතායි. ඊට අමතරව ආගමික නායකයින්, මැති ඇමතිවරුන්, ප්‍රභූවරුන්, කැපිටල් මහරාජා සංවිධානයේ විධායක නිලධාරීන් සහ විශේෂ ආරාධිතයින් රැසක් වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලට එක්ව සිටිති.