කල්මුණේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කල්මුණේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

by Staff writer 29-08-2019 | 10:09 AM
COLOMBO (News 1st) - කල්මුණේ සේනකුඩිඉරිප්පු ප්‍රදේශයේ අද අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පෙරළී බෝක්කුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. ඉන් මිය ගියේ අවුරුදු 19 සහ 30 යන වයස්වල පසුවන දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් කල්මුණේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.