මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

by Staff writer 29-08-2019 | 7:39 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවිය ද එය තහවුරු කළේ ය. 2008 වසරේදී බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර තරග බිමට පිවිසි අජන්ත මෙන්ඩිස් ටෙස්ට් තරග 19කට ක්‍රීඩා කළේ ය. ඔහු සිය පළමු ටෙස්ට් තරගාවලියේදීම කඩුලු 26ක් දවා ගැනීම කැපී පෙනිණි. මෙන්ඩිස් ටෙස්ට් තරග 19කදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 70කි. එක්දින ජාත්‍යන්තර තරග 87කට ක්‍රීඩා කළ ඔහු කඩුලු 152ක් දවා ගත්තේ ය. පන්දුවාර 20යි 20 තරග 39කදී කඩුලු 66ක් දවා ගත් මෙන්ඩිස් 2014 20යි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ ද සාමාජිකයෙකි. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය කරා රැගෙන ඒමට ද ඔහු විශාල සේවයක් කළේ ය. 2015 වසරෙන් අනතුරුව මෙන්ඩිස් කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නොමැත.