ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු 1 සිට

ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වන දා සිට

by Staff writer 29-08-2019 | 7:29 AM
COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වන දා නිල වශයෙන් ආරම්භ වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, එදින ජනතා විමුක්ති පෙරමුණේ සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් කොළඹට කැඳවා ඇති බව ය. ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පවත්වන පළමු රැස්වීම එදින උදෑසන 9.00ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ. මෙහිදී මැතිවරණයට අදාළ සංවිධාන කටයුතු පිළිබඳව එම නියෝජිතයින් දැනුවත් කෙරෙනු ඇති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නැති සියලු පක්ෂ සමග ඉදිරියේදී ජාතික ජන බලවේගය සාකච්ඡා කිරීමට සූදානම් බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.