සරසවි සිසු විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර

සරසවි සිසු විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 28-08-2019 | 3:46 PM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාව විසුරුවා හැරීමට මීට ටික වේලාවකට පෙර පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. සරසවි සිසු විරෝධතා හේතුවෙන් කොටුව ලෝටස් මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට සිදු විය. පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් එලෙස විරෝධතාවයේ නිරත විය.