සරසවි අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

සරසවි අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

by Staff writer 28-08-2019 | 9:07 AM

COLOMBO (News 1st): විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද හා හෙට වැඩ වර්ජනයක නිරත වේ.

ඒ, වැටුප් වැඩි කිරීම් සම්බන්ධ ඉල්ලීමකට අමාත්‍යාංශයෙන් නිසි විසඳුම් නොලැබුණු බව පවසමිනි. විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග ද සාකච්ඡා පැවැත්වුව ද විසඳුමක් නොලැබුණු බව ය. මේ පිළිබදව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ වැටුප් ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබාදෙන තෙක් මහා භාණ්ඩාගාරය මගින් ඔවුන්ට අන්තර් දිමනාවක් අනුමත කළ බව ය. එය පිළිගන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වෘත්තිය සමිති කිසිවක් දැනුම් නොදුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය.