වැල්ලවාය, කුරුළුගල රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය, කුරුළුගල රක්ෂිතයේ ගින්නක්

by Staff writer 28-08-2019 | 5:10 PM

COLOMBO (News 1st) - වැල්ලවාය, කුරුගම, කුරුළුගල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මොණරාගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ ගින්න හටගෙන ඇති බවයි. ගින්න නිවීම සඳහා ආපදා කළමනාකරණ සේවකයින් සමග යුද හමුදාව ද එක්ව සිටි. මොණරාගල දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින්නේ දැඩි නියං තත්ත්වයකි. පසුගිය සතියේ ද එහි රක්ෂිත කිහිපයක ගිනි ගැනීම් ද වාර්තා විය.