දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

කොටුව සහ මරදාන අතර දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

by Staff writer 28-08-2019 | 10:51 AM

COLOMBO (News 1st): කොළඹ, කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර, දුම්රිය දෙකක් එකිනෙක ගැටී තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට හලාවත බලා ධාවනය වූ දුම්රියක් සහ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රියක් අද පෙරවරු 10ට පමණ එලෙස ගැටී ඇති බව ය. කෙසේ වෙතත්, අනතුරින් එහි ගමන් ගත් කිසිඳු මගියෙකුට හානියක් සිදුව නොමැත. දුම්රිය දෙක ගැටීමට හේතුව කුමක්ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇති බව, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.