නිවසක නිධන් හැරූ පස්දෙනෙකු අත්අඩංගුවට

අවිස්සාවේල්ලේ නිවසක නිධන් හැරූ පස්දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 28-08-2019 | 5:30 PM

COLOMBO (News 1st) - අවිස්සාවේල්ල නගරයේ නිවසක් තුළ නිධන් හාරමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇති බවයි. සැකකරුවන් හැටන්, කඩුවෙල, කොස්ගම, ගැටහැත්ත, අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.