Once Upon a Time In Hollywood, USD 200 ඉක්මවයි

Once Upon a Time In Hollywood අමෙරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවමින් තිරගත වෙයි

by Staff writer 27-08-2019 | 9:42 AM
(News 1st) - Once Upon a Time In Hollywood චිත්‍රපටය ලොව පුරා සිනමාහල්වල තිරගත කිරීමෙන් ඉපැයූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවා ගොස් තිබේ. ක්වෙන්ටින් ටරන්ටිනෝ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය සැලකෙන්නේ, ඔහු නිර්මාණය කළ චිත්‍රපට අතරින් ආදායම් වාර්තා වැඩි වශයෙන් ඉපැයීමට සමත් වූ චිත්‍රපටයක් ලෙස ය. ලියනාර්ඩෝ ඩී. කැප්රියෝ, බ්‍රැඩ් පිට් සහ මාගට් රොබී යන ප්‍රවීණ හොලිවුඩ් නළු නිළියෝ, මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති.