සියලු පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන්

සියලු පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන්

by Staff writer 27-08-2019 | 3:07 PM
COLOMBO (News 1st) : තුන්වැනි පාසැල් වාරය ආරම්භ වීමට පෙර සියලු පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, තුන්වන පාසල් වාරය ආරම්භ වන ලබන 2 වනදා ට පෙර පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට දැනුම් දී ඇති බවයි. මේ අතර , ලබන 29 වැනිදා සිට 31 වනදා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වේ. වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,000 ක් පමණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.