ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා ඇරඹේ

ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා ඇරඹේ

by Staff writer 27-08-2019 | 10:47 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ. ඒ, විපක්ෂ නායක කාර්යාලයේදී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම සාකච්ඡා සඳහා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් සහභාගී වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡා සඳහා සහභාගී වී ඇත්තේ, එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් ය.