ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අවසන්

ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අවසන්

by Staff writer 27-08-2019 | 1:46 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ. සාකච්ඡාවෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ, සාකච්ඡා කළ කරුණු පිළිබඳව පක්ෂ නායකයින් දෙදෙනා දැනුවත් කරන බව ය. පක්ෂ දෙක අතර සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම සාකච්ඡාව සඳහා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරු සහභාගී වූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගී වූයේ, එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් ය.